
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමරිකා එක්සත් ජනපදයෙන් ප්‍රහාර එල්ල කළ බව ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබෙනවා.
ට්‍රම්ප් පවසා ඇත්තේ ඇමරිකාව විසින් Fordow, Natanz, සහ Esfahan ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඉතා සාර්ථකව ප්‍රහාරයක් දියත්කළ බවයි.
එක්සත් ජනපද ජනාධිපතිවරයා Truth Social වෙත අදහස් දක්වමිනුයි මේ බව පවසා ඇත්තේ.

එක්සත් ජනපද රණශූරයින්ට සුබ පැතුම් එක්කරමින් ට්‍රම්ප් කියාසිටියේ සියලුම ඇමරිකා ගුවන් යානා ආරක්ෂිතව නැවත පැමිණි බවයි.
ඉරානය බැලැස්ටික් මිසයිලවලින් සන්නද්ධවීම තර්ජනයක් බවට ඊශ්‍රායලය දීර්ඝ කාලයක සිට වටහා ගෙන සිටි අතර එක්සත් ජනපදයේ මැදිහත්වීමක් ඇතැම් ඊශ්‍රායල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අපේක්ෂා කළ බවද සඳහන්.

කෙසේවෙතත් පසුගියදා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මීට පෙර කියාසිටියේ ඇමරිකාව ගැටුමට සම්බන්ධ වුවහොත් එය සැමට ඉතා භයානක වනු ඇති බවයි.
මේ අතර ට්‍රම්ප් අද වොෂින්ටන් ඩීසී හි එරට වේලාවෙන් දහවල් 12 ට ජාතිය ඇමතීමටද නියමිතයි.