
ප්‍රවෘත්ති ආයතන කිහිපයක ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකුට මෙල්බන් සාප්පු සංකීර්ණයකදී සංක්‍රමණිකයෙකු එල්ලකළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය ඉරිදා 62 හැවිරිදි ඩොමින්ක් ඕබ්‍රයන් ලෙස හැදින්වෙන මොහු Footscray හි එළිමහන් සාප්පු සංකීර්ණයකදී මෑතකදී නිදහස ලැබූ සංක්‍රමණික රැඳවියෙකු සමග ගැටුමක් හටගෙන ඇති බව සඳහන්.
එහිදී ඇතිවූ බරපතල තුවාල හේතුවෙන් රෝහල් ගත කළ ඕබ්‍රයන් අද උදෑසන මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ගැටුමෙන් පැය කිහිපයකට පසු 43 හැවිරිදි සංක්‍රමණිකයා පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනා.
හිතාමතා බරපතල තුවාල සිදුකිරීම සැකකරුට එරෙහි චෝදනා වන නමුත් ඕබ්‍රයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකළ යුතු බවයි විමර්ෂකයින් තීරණය කර ඇත්තේ.

මේ අතර පසුගිය වසරේ මහාධිකරණ තීන්දුවකින් පසු විත්තිකරු නිදහස් කර ඇති අතර ලබන ඔක්තෝම්බර් මාසයේ ඔහුගේ නඩුව නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතයි.