Search

SriLankan Airlines අලුත් යානය ගමන් අරඹයි

Sri Lankan ගුවන් සේවයට අලු‍තෙන් එක්වූ Airbus ඒ.330 – 200 ගුවන් යානයේ ප්‍රථම ගුවන් ගමන ඊයේ සිදු කෙරුනා.

කටුනායක ගුවන්තොටුපොලේ සිට මාලදිවයිනේ මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලායි ඊයේ එම ගුවන් ගමන සිදු වුනේ.

එම යානය පස්වරු 02.23 ට මාළේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා තිබෙනවා.

පුළුල් බඳ සහිත මෙම එයාර් බස් ගුවන් යානය පසුගිය 4 වනදා ප්‍රංශයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණා.

යානය තුළ Economy Class ආසන 248 ක් සහ Business Class ආසන 18 කින් සමන්විත වනවා.

ශ්‍රීලංකන් ගුවන් සේවය වසර 7කට පසු ලබා ගත් Wide-body වර්ගයේ පළමු ගුවන් යානය මෙය වනවා.

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. ජූනි මාසයේ ණය ගැනීමේ පිරිවැය අඩුවීම සහ උද්ධමනය ස්ථාවර

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »

අවුරුදු 6 ක දැරියක් 45 හැවිරිදි පුද්ගලයෙකුට විවාහ කරදීමේ පුවතක්

වයස අවුරුදු හයක ගැහැණු දරුවෙකු 45 හැවිරිදි පුද්ගලයෙකු සමග විවාහ කරදීමට තැත් කිරීමේ පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වනවා. 

Read More »