Search

AI නිසා රැකියා වලට සිදු වූ දේ

AI තාක්ෂණය ඔස්ට්‍රේලියාවේ ආරම්භක මට්ටමේ රැකියාවලට තර්ජනයක් වී ඇති බව හෙළි වී තිබෙනවා.

ඒ හේතුවෙන් විශ්ව විද්‍යාල උපාධිධාරීන් රැකියා සෙවීමේ දැඩි අභියෝගයකට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

AI තාක්ෂණය මිනිසුන් සේවයේ යෙදවීමට වඩා ලාභදායී විකල්පයක් බවට පත්වීමත් සමඟ ඕස්ට්‍රේලියානු සේවකයින් විශාල කැලඹීමකට මුහුණ දී සිටිනවා.

AI හි සම්පූර්ණ බලපෑම රැකියා දැන්වීම්වල හෝ නිල සංඛ්‍යාලේඛනවල තවමත් පළවී නොමැති වුවද, එය දැනටමත් ජාතියේ ශ්‍රම වෙළඳපොළ නැවත සකස් කරමින් සිටින බවයි සේවා යෝජකයින් සහ සේවකයින් අනතුරු අඟවා ඇත්තේ.

දත්ත විද්‍යා උපාධිධාරියෙකු වන ටියන් හං නුයෙන් [Tien Hung Nguyen] පවසන්නේ තම පළමු පූර්ණ කාලීන රැකියාව ලබා ගැනීමට අයදුම්පත් 30 ක් සහ සීමාවාසික පුහුණුවක් අවශ්‍ය වූ බවයි.

ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය සියයට 4.1 ක් ලෙස ස්ථාවරව පවතිනවා.

එහෙත් තරුණ රැකියා විරහිත අනුපාතය සියයට 9.2 දක්වා ඉහළ ගොස් ඇති බවයි සංඛ්‍යලේඛනවල දැක්වෙන්නේ.

ඊශ්‍රායෙල් අගමැතිගේ ඉල්ලීම ඇල්බනීස් ප්‍රතික්ෂේප කරයි

යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජබින් නෙතන්යාහු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා. තවද ජාතික යුදෙව්

Read More »

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ගෝලීය අර්බුද හමුවේ ඔස්ට්‍රේලියා ව්‍යාපාරවලට සිදුවුදේ !

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »