
තම Personal data වංචාකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වහාම පියවර ගන්නා ලෙස විශේෂඥයින් ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවනවා.
බොහෝ පුද්ගලයින් නොදැනුවත්වම ඔවුන්ගේ තොරතුරු විවිධ පුද්ගලයින් විසින් විකුණනු ලබනවා.
එමඟින් පුද්ගලයින් වංචා සහ සොරකම් සඳහා ඉලක්ක වන බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

අනවසරයෙන් පුද්ගලයින් සොරාගන්නා තොරතුරු අතරට Names, mobile phone numbers, email addresses and home addresses වැනි දත්ත ඇතුළත්.
එමනිසා මෙම දත්ත සොරා ගත නොහැකි ලෙස රහසිගතව තබා ගන්නේ ලෙසයි ඔවුන් දැනුම් දෙන්නේ.

සයිබර් ආරක්ෂණ විශේෂඥයින් දැනුම් දෙන්නේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමට සහ අවදානම් වලට නිරාවරණය වීම අඩු කිරීමට පියවර ගන්නා ලෙසයි.
ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ පුද්ගලික තොරතුරු පාලනය කිරීමට සහ වංචාවලින් ආරක්ෂා වීමට දිරිමත් කිරීම ඉතා වැදගත් බවද සයිබර් ආරක්ෂණ විශේෂඥයින් සඳහන් කරනවා.