
ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියට අද සමු දෙනු ලැබුවා.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරගයේදී තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මොමිනුල් හක් අතට උඩ පන්දුවක් ලබා දෙමින් සිව්වන කඩුල්ල ලෙස මැතිව්ස් පිටියෙන් ඉවත් වුනා.
ඔහු ක්‍රීඩා ලෝලීන්ට ආචාරය දක්වමිනුයි ඔහු සිය ටෙස්ට් දිවියට සමු දෙනු ලැබුවේ.

දශක එකහමාරකට වැඩි කාලයක් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 119කදී ඉනිම 211ක් ක්‍රීඩා කර තිබෙනවා.
එහිදී මැතිව්ස් ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 8,214ක්.

එයට ටෙස්ට් ශතක 16 ක් සහ අර්ධ ශතක 45ක් ඇතුළත්.