
Virgin ගුවන් යානයක සේවිකාවක සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් කාන්තාවක් යානයෙන් ඉවත් කර තිබෙනවා.
පර්ත් සිට මෙල්බර්න් බලා යාමට නියමිතව තිබු යානයේ සිටි කාන්තාවකට බෑගයක් ඉවත් කරන ලෙස ගුවන් සේවිකාවක් දැනුම් දී තිබෙනවා.
ඊට එකඟ නොවු කාන්තාව ගුවන් සේවිකාව සමග වාද කිරීමට පටන් ගෙන ඇති අතර එම සිදුවීමේ වීඩියෝ පටයක් ද නිකුත් කර තිබෙනවා.

අනතුරුව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ නිලධාරීන් පැමිණ කාන්තාව ගුවන් යානයෙන් ඉවත් කරනු ලැබුවා.
ඇයට එරෙහිව ගුවන් නීති නොපිළිපැදීම පිළිබඳ චෝදනා එල්ල කර ඇති අතර ඉදිරි දිනකදී අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතයි.
