Search

මෙල්බන් public pool එකක අනතුරකින් පිරිසක් රෝහලේ

 

 

මෙල්බන් නගරයේ පිහිටි පිහිණුම් තටාකයක [pool] සිදුවු රසායනික අනතුරක් හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

Broadmeadows Aquatic and Leisure Centre හි අනතුර සිදුව ඇති අතර ළමුන් 8 දෙනෙකු සහ වැඩිහිටියෙකු ප්‍රතිකාර සඳහා යොමු කෙරුණා.

මධ්‍යස්ථානයේ ගෑස් කාන්දුවක් පිළිබඳ වාර්තාවීමෙන් පසු ගිනි නිවන භටයින් කැඳවනු ලැබුවා.

එහිදී රසායනික ද්‍රව්‍යවලින් බලපෑමට ලක් වූ පුද්ගලයින් 40 දෙනෙකු පමණ සොයා ගෙන තිබෙනවා.

Fire and Rescue Victoria හි Hazmat (අවදානම් ද්‍රව්‍ය) විශේෂඥයින් වාර්තා කර ඇත්තේ ආසාදිත ස්ථානයේ Sodium hydrogen sulphate (සෝඩියම් හයිඩ්‍රජන් සල්ෆේට්) ව්‍යාප්තියක් සිදුවී ඇති බවයි.

මධ්‍යස්ථානයට වාතාශ්‍රය ලබා දී ඇති පුද්ගලයින් 200 දෙනෙකු පමණ ඉවත් කරනු ලැබුවා.

WorkSafe Victoria හා වික්ටෝරියා පොලීසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »