
එක් වරක් පමණක් භාවිත කළහැකි කෝපි කෝප්ප තහනම් කිරීමේ වැඩපිළිවෙලක් ක්වීන්ස්ලන්ඩ් හි නූසා [Noosa] කවුන්සිලය සැලසුම් කර තිබෙනවා.
මෙය ක්‍රියාත්මක කිරීමට කවුන්සිලයට බලයක් නොමැති වුවද ඔවුන් පෙන්වා දෙන්නේ මෙම වැඩපිළිවෙල අත්‍යවශ්‍ය බවයි.
මන්ත්‍රීවරියක වන ඇමේලියා ලොරෙන්ට්සන් [Amelia Lorentson] පවසන්නේ මෙය සංකේතාත්මක වැඩසටහනක් වුව ද දේශීය කැෆේ [cafes] මීට සම්බන්ධ වනු ඇති බවයි.

කවුන්සිල මූලස්ථානයේ එක් වරක් පමණක් භාවිත කළහැකි කෝප්ප භාවිතය නවතා දමා ඇති අතර ව්‍යාපාරිකයින්ට ද එය අනුගමනය කරන ලෙස ආරාධනා කර තිබෙනවා.
2023 වසරේදී සිදු කළ අපද්‍රව්‍ය විශ්ලේෂණයකින් අනාවරණය වී ඇත්තේ නූසා ප්‍රධාන වෙරළේ කසළවලින් 20% ක් පමණ එක් වරක් භාවිත කළ හැකි කෝපි කෝප්ප බවයි.

මෙම කෝප්ප බොහොමයක් ප්ලාස්ටික්වලින් ආවරණය කර ඇති අතර ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි වනවා.
නූසා [Noosa] කවුන්සිලය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ reusable coffee cups භාවිතය නැවත ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි.