
ඔස්ට්‍රේලියාවේ පසුගිය මැයි මාසයේ රැකියා විරහිතතාවය 4.1% ක් ලෙස ස්ථාවරව පවතිනවා.
ඔස්ට්‍රේලියාවේ සංඛ්‍යාන කාර්යාලය (ABS) නිකුත් කළ දත්ත අනුව හෙළිවී ඇත්තේ සෘතුමය වශයෙන් සකස් කරන ලද [seasonally adjusted] විරැකියා අනුපාතය මැයි මාසයේදී 4.1% ක් ලෙස අඛණ්ඩව පවතින බවයි.
මෙම මාසයේ රැකියා නියුක්තිය 2,000 කින් අඩු වුවද, එය 2024 මැයි මාසයට සාපේක්ෂව 2.3% ක වැඩිවීමක් බවයි ABS කම්කරු සංඛ්‍යාලේඛන ප්‍රධානී ෂෝන් ක්‍රික් [Sean Crick] පවසන්නේ.

රැකියා-ජනගහණ අනුපාතය [employment-to-population] 0.1% කින් පහළ ගොස් ඇති අතර,
සහභාගීත්ව අනුපාතය ද [participation rate] 0.1%කින් පහත වැටී තිබෙනවා.
කෙසේ වෙතත්, කාන්තා රැකියා ජනගහණ අනුපාතය [female employment-to-population] 0.1% කින් ඉහළ ගොස්, 60.9% ක් ලෙස වාර්තාගත ඉහළ අගයකට ළඟා වුණා.

පාස්කු නිවාඩු කාලය සහ දැඩි කාලගුණික බාධාවන් හේතුවෙන් පහළ ගිය වැඩ කළ පැය ගණන මැයි මාසයේදී සියයට 1.3 කින් වැඩි වී තිබෙනවා.