Search

මෙල්බන්හිදී තරුණ කල්ලියක් සමලිංගික පුද්ගලයෙකුට එල්ල කළ දරුණු ප්‍රහාරය

සමාජය කොතරම් දියුණුවුවත් සමලිංගික පුද්ගලයින්ට පහරදීම් තවමත් ඔස්ට්‍රේලියාවේ සිදුවීම කණගාටුවට කරුණක් බව එම ප්‍රජාව චෝදනා කරනවා.

ජැක් ජේකබ්ස් නම් තරුණයා 2020 වසරේදී Grindr නම් gay dating app එකකින් හඳුනාගත් 24 හැවිරිදි මෙල්බන් සමලිංගික පුද්ගලයෙකු හමුවීමට දින යොදාගත්තා.

නමුත් එහි ගිය ජැක්ට එම පුද්ගලයා හමුනොවුන අතර හදිසියේම පැමිණි තරුණයින් අට දෙනෙකු දරුණු ලෙස පහරදීමට පටන්ගත් බවයි ජැක් කියාසිටියේ.

ඔහු පවසන්නේ තරුණ කල්ලියක් ඔහුගේ මුහුණ, බෙල්ල සහ මැණික් කටු පාගා දමද්දී ඉන් මිදීමට උද්‍යානයකට දිව ගිය බවයි.

එහිදී කාන්තාවක් ඔහුගේ සහයට පැමිණ ඇති අතර පසුව 000 අමතා ambulance එකක් ගෙන්වා රෝහල්ගත වී තිබෙනවා.

ජැක් පවසන්නේ විවෘතව සමලිංගිකයෙක් වුණත්, තවමත් පහරදීමේ ලැජ්ජාවෙන් මිදීමට තමන්ට තවමත් හැකිවී නැති බවයි.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »