
සිසුවෙකුට පණිවිඩ 35000 යවා ඔහු සමඟ ලිංගික ක්‍රියාවල යෙදුණු වික්ටෝරියානු ගුරුවරියකගේ වැඩ තහනම් කර තිබෙනවා.
වයස අවුරුදු 31ක් වූ එලිනෝර් ලුයිස් නම් මෙම ගුරුවරිය 2017 වසරේදී වික්ටෝරිය හී Carey Baptist Grammar පාසලට සම්බන්ධ වූ බවයි වාර්තා වන්නේ.
ඇය පාසලේ ජීව විද්‍යාව සහ රසායන විද්‍යාව උගන්වා ඇති අතර 18 හැවිරිදි සිසුවෙකුට පාසල් අධ්‍යන කටයුතු සදහා උදව් වන මුවාවෙන් ඔහු සමග දිනපතා කතාබස් කර තිබෙනවා.

පසුව මෙම ගුරුවරිය සිසුවා සමග පෙම් සබදතාවයක් ආරම්භ කර ඔහු සමග ලිංගික ක්‍රියාද සිදුකර ඇති බව පාසලේ විනය මණ්ඩලය විසින් අනාවරණය කරගනු ලැබුවා.
මේ වන විට ගුරුවරුයගේ ලියාපදිංචිය අවලංගු කර ඇති අතර වසර තුනක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩ කිරීම තහනම් කර තිබෙනවා.

ගුරුවරිය මේ පිලිබඳ පවසා ඇත්තේ තමන් මනෝවිද්‍යාව පිළිබඳ උපාධියක් හදාරමින් සිටින බවත් නැවත ඉගැන්වීමට කැමැත්තක් නොමැති බවත්ය.