
නීති විරෝධී Bikie gang (යතුරුපැදි කල්ලි) සමග සම්බන්ධවීමේ ප්‍රතිවිපාක පිළිබඳ අනතුරු ඇඟවීමක් සිඩ්නි පොලීසිය විසින් නිකුත් කර තිබෙනවා.
පසුගියදා Bikie gang එකක සිටි Grantham නම් පුද්ගලයෙකු එම කල්ලියෙන් ඉවත්වීමට උත්සහ කිරීමේදී ඔහුගේ ඇඟේ තිබූ ටැටූ එක පුළුස්සා මාරාන්තික ලෙස පහරදීමක් සිදුකිරීමට උත්සහ දරා තිබූ බවයි පොලීසිය පවසන්නේ.
එමෙන්ම 51 හැවිරිදි Grantham ට ශරීරයේ තැන් කිහිපයකට වෙඩි තබා ඇති බවද පොලීසිය සඳහන් කළා.

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මේ වනවිට ඡායාරූප කිහිපයක් මාධ්‍යයට නිකුත්කර තිබෙනවා.
මැයි 15 වන දින ප්‍රහාරයට පෙර සිඩ්නි Auburn Grove දුම්රිය ස්ථානයේදී මෙම කල්ලිය එක්රැස්වන ආකාරයේ දර්ශනද නිකුත් වී ඇති බව සඳහන්.

පහරකෑමට ලක්වූ Grantham රෝහලෙන් පිටව ගොස් ඇති නමුත් ඔහුට සිදුවූයේ කුමක්ද සහ එය කළේ කවුරුන්ද යන්න පිළිබඳව කිසිවක් ප්‍රකාශකර නොමැති බවයි වාර්තා වන්නේ.