
මැදපෙරදිග කලාපය පුරා වැඩිවන අස්ථාවරත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාව රජය කටාර් සඳහා වන සංචාරක අනතුරු ඇඟවීම ඉහළ නංවා තිබෙනවා.
විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව සිය වෙබ් අඩවියේ සංශෝධිත මාර්ගෝපදේශ නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මෙම වෙනස සිදු කර තිබෙන්නේ උග්‍රවන ගැටුම් සහිත කලාප දෙකකට ආසන්නයෙන් කටාර් රාජ්‍ය පිහිටීම හේතුවෙන්.

ඊශ්‍රායලය සහ ගාසා තීරය අතර පවතින ප්‍රචණ්ඩත්වය සහ ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉහළ යන යුධ ගැටුම් මෙයට හේතු වී තිබෙනවා.
මෙම අස්ථාවරත්වය කටාර් ඇතුළු අසල්වැසි ජාතීන්ට පැතිර යා හැකි බවට බිය වැඩිවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

කටාර් රාජ්‍ය දේශපාලනිකව ස්ථාවර හා සාමකාමීව වුවද, එහි භූගෝලීය පිහිටීම මගින් අනපේක්ෂිත ගැටලු වලට මුහුණ දිය හැකි බව වාර්තාවල සදහන්.