
ලොව ප්‍රථම වරට සිඩ්නි Liverpool රෝහලේ හෘදයාබාධ රෝගීන්ගේ සැත්කම් සඳහා රොබෝ තාක්ශණ භාවිතා කර තිබෙනවා.
Positive results වලින් පසු මෙම තාක්ෂණයට ඉතා හොඳ අනාගතයක් ඇති බවයි වෛද්‍යවරු පවසන්නේ.
මෙහිදී Wrist සිට හදවතට දක්වා stent සහ balloon යැවීම රොබෝ මගින් සාර්තකව සිදු කල බව වෛද්‍යවරුන් සදහන් කර තිබෙනවා.

ඒ සියල්ල වෙනත් කාමරයක සිටි වෛද්‍යවරයෙකු විසින් පාලනය කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.
මෙමගින් වෛද්‍යවරුන්ට විකිරණවලින් ආරක්ශා විය හැකි වනවා.

මහාචාර්ය Craig Juergens සදහන් කලේ රෝගීන් 148 දෙනෙකු මෙම අත්හදා බැලීමට සහභාගී වූ බවයි.
රොබෝ තාක්ශණය උපකාරී කරගනිමින් සියලුම සැත්කම් ආරක්ෂිතව අවසන් කරන ලද බවද වෛද්‍යවරුන් තහවුරු කර තිබෙනවා.