Search

ජනතා අප්‍රසාදයට ලක්වූ e-scooter සහ e-bike ව්‍යාපෘතියක්

මෙල්බන් නගරයේ Darebin නගර සභාව විසින් සැලසුම් කර ඇති e-scooter සහ e-bike ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ජනතාව විරෝදය පළකර තිබෙනවා.

e-scooter අනතුරකින් බරපතළ පීඩාවට පත් වූ Matthew Zammit සදහන් කලේ මෙමගින් අනතුරු ඉහල යා හැකි බවයි.

මේ ව්‍යාපෘතිය සඳහා Darebin නගර සභාව 2024-25 අයවැයෙන් $ 50,000ක් වෙන්කර තිබෙනවා.

එම වැඩසටහන 2025 ජූනි වනවිට Northcote, Fairfield සහ Alphington ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙය සිදුවන්නේ මෙල්බන් නගර සභාව මගින් hire e-scooter CBD හි භාවිතය ආරක්ෂක කරුණු මත තහනම් කර තිබියදීයි.

2022 දී royal melbourne රෝහලේදී e-scooter අනතුරුවලින් තුවාල ලබා ඇති රෝගීන් 250කට වැඩි ගණනක් ප්‍රතිකාර ලබා තිබෙනවා.

2021 සිට 2023 තෙක් කාලය තුළ ක්වීන්ස්ලන්ඩ් හිද එවැනි තුවාල සඳහා හදිසි ප්‍රතිකාර ලබාගන්නන්ගේ සංඛ්‍යාව දෙගුණයකට ළඟාවී ඇති බවයි වාර්තා වුනේ.

2020 ජනවාරි සිට 2025 අප්‍රේල් දක්වා කාලය තුළ e-scooter අනතුරුවලින් මියගිය පුද්ගලයන් 30ක් පමණ වාර්තා වී තිබෙනවා.

ආරක්ෂාව පිළිබඳ දැඩි විවේචන හේතුවෙන් මේ වන විට e-scooter සම්බන්ද ව්‍යපෘති නවතා දැමෙන පසුබිමකයි මෙම ව්‍යාපෘතිය ආරම්භ වන්නේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »