
ෆෙඩරල් රජයෙන් ශිෂ්‍යයින්ට ලබාදීමට නියමිත ණය අඩු කිරීමේ සැලැස්ම නුදුරේදීම ලබාදෙන බව රජය පවසනවා.
ශිෂ්‍යයින්ට, සියයට 20 ක ණය කපා හැරීමක් සිදුකරන බවට පසුගියදා පත්වූ ලේබර් රජය පොරොන්දු වුණා.
පාර්ලිමේන්තු කටයුතු ලබන ජූලි 22 වනදා ආරම්භ වන බැවින් එම කප්පාදුව නීති ගත කිරීම එදින සිදුකිරීමටයි රජයේ අපේක්ෂාව වන්නේ.

කෙසේවෙතත් පොරොන්දු වූ පරිදි නීති සම්මත වීමෙන් පසු, HECS ණය ප්‍රමාණය සියයට 20 ක අඩු කිරීම (2025.06.01) ජූනි මස පළමු වන දින සිට පුද්ගලයාගේ ණය ප්‍රමාණය මත ගණනය කිරීම් සිදුකෙරෙන බවයි CPA ව්‍යාපාරික ප්‍රධානී ගවන් ඕර්ඩ් කියාසිටියේ.
මේ අතර ඕර්ඩ් පැවසුවේ tax සම්බන්ධ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන ව්‍යාජ උපදෙස්වලට නොරැවටෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් සිදුවන වෙනස්කම් ඉදිරියේදී රජය විසින් දැනුම්දෙන අතර myGov හරහා ශේෂය පරීක්ෂා කළ හැකි බවද ඔහු අවධාරණය කළා.
මේ අතර 2025 ජූලි 1 වන දින සිට HECS සඳහා ණය වාරිකට අදාල ආදායම් සීමාව ඩොලර් 54,435 සිට ඩොලර් 67,000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඩොලර් 67,000 ට වඩා අඩු වැටුප් ලබන්නන්ට ශිෂ්‍ය ණය වාරික ගෙවීමට අනිවාර්ය නැහැ.