Search

මැදපෙරදිගට ඔස්ට්‍රේලියානු හමුදාව සහ ගුවන් යානා යවයි

ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම් සදහා මැදිවී සිටින සිවිල් පුරවැසියන් ඉවත් කිරීමට රජය කටයුතු කර තිබෙනවා.

ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක නිලධාරීන් සහ ගුවන් යානා මැදපෙරදිගට යැවීමටයි රජය පියවර ගෙන ඇත්තේ.

විදේශ ඇමති පෙනි වොන්ග් කියා සිටියේ ADF කාර්ය මණ්ඩලයේ භට පිරිස් සහ ගුවන් යානා දෙකක් මේ සදහා යොදවා ඇති බවයි.

මෙම පියවර ගෙන ඇත්තේ යුධ ආධාර සැපයීමට නොව ආරක්ෂක සැලසුම් සූදානම් කිරීමට පමණක් බව ඇය වැඩිදුරටත් සදහන් කර සිටියා.

මේ වන විට ඉරානයෙන් පිටවීමට ඔස්ට්‍රේලියානු පුරවැසියන් 2000 ක් සහ ඊශ්‍රායලයෙන් පිටවීමට පුරවැසියන් 1200කට අධික සංඛ්‍යාවක් උදව් ඉල්ලා ඇති බවද වාර්තා වනවා.

තවද ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට අෆ්ගනිස්තානය, ඉරාකය හෝ ඉරානයට ආසන්න පාකිස්තාන ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙස බලධාරීන් උපදෙස් ලබා දී තිබෙනවා.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »