
සිසුවියන් දස දෙනෙකුට බලහත්කාරයෙන් මත්ද්‍රව්‍ය ලබා දි දූෂණය කළ සිසුවෙකුට ලන්ඩන් අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.
දූෂණයට ලක්වූ සිසුවියන් දස දෙනා අතර චීන ජාතිකයින් හා බ්‍රිතාන්‍ය ජාතිකයින් සිටින බවයි වාර්තා වන්නේ.
28 හැවිරිදි චීන ජාතික ෂෙන්හාඕ සූ නැමැති මෙම සිසුවා ජනවාරි මාසයේදී අත්අඩංගුවට ගත් අතර අධිකරණ තීන්දුව අද දින ලබා දී තිබෙනවා.

මෙම සිසුවාට විරුද්ධව ස්ත්‍රී දූෂණ 11 ක් ,ලිංගික අපයෝජන චෝදනා 3ක් , විකෘති කාමුක දර්ශන ළඟ තබා ගැනීම සහ ලිංගික හානි සිදු කිරීමේ අරමුණින් මත්ද්‍රව්‍ය ලග තබගැනීම යන චෝදනා ගොනු කර තිබෙනවා.
මොහු WeChat සහ dating apps භාවිතා කරමින් සිසුවියන් ඔහුගේ මහල් නිවාස වලට ගෙන්වා ගෙන ඔවුන්ට මත්ද්‍රව්‍ය ලබා දී ඇති බව අධිකරණයේදී අනාවරණය වුනා.

තවද මෙම පුද්ගලයා වින්දිතයින්ගෙන් ආභරණ, ඇඳුම් පැළඳුම් ඇතුළු විවිධ භාණ්ඩ ද ලබාගෙන ඇති බව පොලිසිය සදහන් කර සිටියා.