
රජය විසින් ඉරානයේ පිහිටි ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
ඊට හේතුව මැදපෙරදිග කලාපය තුළ විශාල යුද්ධයක් ඇති වේ යැයි බියක් පැවතීම බවයි රජය කියා සිටියේ.
ඉරානයේ සිටින ඔස්ට්‍රේලියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් දේශසීමාවන් හරහා පිටත් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියා විදේශ අමාත්‍ය පෙනි වොන්ග් පවසා සිටියේ ඉරානයේ සිටින අනෙකුත් ඔස්ට්‍රේලියානුවන්ට පිටවීමට උපකාර කිරීම සඳහා, විදේශ නිලධාරීන් කිහිප දෙනෙකු ඉරානයේ අසර්බයිජාන් සීමාවේ සිටින බවයි.
ඇය වැඩිදුරටත් කියා සිටියේ තානාපති කාර්යාලය වසා දැමීමෙන් පිටවීමට සිටින ඔස්ට්‍රේලියානුවන්ට දැඩි දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවිය හැකි බවයි.

නමුත් ඉරාන ගුවන් සීමාව නැවත විවෘත කරන විට හදිසි සැලසුම් සඳහා කාර්ය මණ්ඩලය කටයුතු කරමින් සිටින බව ඇය කියා සිටියා.