
1985 වසරේ ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලද Dilma තේ සන්නාමය පිහිටුවා වසර 40ක් සම්පූර්ණ වී තිබෙනවා.
මෙරිල් ජයසිංහ ප්‍රනාන්දු විසින් ආරම්භ කල Dilma තේ සන්නාමය ඔස්ට්‍රේලියානු පවුල් මිලියන ගණනක් අතර රසවත් මතකයක් වී තිබෙනවා.
එහි වත්මන් හිමිකරු වන මෙරිල් ජයසිංහගේ පුත් ඩිල්හාන් ප්‍රනාන්දු පවසා සිටියේ ඔස්ට්‍රේලියානුවන්ට තේ කෝප්ප බිලියන 28ක් Dilma වෙතින් ලබා දී අති බවයි.

Dilma තේ වල විශිෂ්ට රසයට අමතරව එහි ඇති සෞඛ්‍ය ප්‍රතිලාභ පිලිබඳවද ඩිල්හාන් ප්‍රනාන්දු සදහන් කර සිටියා.
ඔහු පවසන්නේ දීර්ඝායු වැඩි කිරීමට, මොළයේ යහපැවැත්මට හා බඩවැල් වල යහපත් සෞඛ්‍යය පවත්වා ගැනීමට Dilma තේ උපකාරී වන බවයි.

සෑම Dilma තේ කෝප්පයකින්ම ලබාගන්නා ලාභයෙන් කොටසක් වෛද්‍ය ප්‍රතිකාර, පාසල්, scholarships සහ රෝහල් වලට පරිත්‍යාග කරනු ලබනවා.
මේ වන විට Dilma තේ රටවල් 100කට අධික සංඛ්‍යාවක මිනිසුන් රසවිඳින රසවත්ම පානයක් වනවා.
Dilma තේ, ව්‍යාපාරයක්ම පමණක් නොව මුලු මහත් සමාජයටම කරුණාව සහ වටිනාකම් බෙදා දෙන සන්නාමයක් බවයි එහි හිමිකරු කියා සිටියේ.
Unless otherwise stated, this content is protected by copyright. All rights are reserved. No part of this publication may be reproduced, distributed, or transmitted in any form or by any means without the prior written permission of AusLanka TV Pty Ltd.