
ඔස්ට්‍රේලියාවේ අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය යෙදුම් භාවිතය තහනම් කිරීම සඳහා නිකුත් කළ නව නීති දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වනවා.
ඒ සඳහා වයස තහවුරු කිරීම කළහැකි බව පරීක්ෂණයකින් හෙළි කර තිබෙනවා.
මූලික වාර්තාවක දැක්වෙන්නේ ඵලදායී වයස් සහතික කිරීමේ තාක්ෂණයන් සඳහා සැලකිය යුතු තාක්ෂණික බාධක නොමැති බවයි.

කෙසේ වෙතත්, පරීක්ෂණ වල සම්පූර්ණ විස්තර තවමත් ප්‍රකාශයට පත් කර නොමැති බවයි වාර්තා වන්නේ.
E Safety Commissioner විසින් නීති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද තීරණය කරනු ඇති බව සඳහන් වනවා.

ලබන සතියේ සිට උපදෙස් හා සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
KJR සහ Age Check Certification Scheme නම් විශේෂඥ සමාගම් දෙකක් විසින් පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
එහි සම්පූර්ණ වාර්තාව ලබන මස අවසානයේදී දුරකථන හා සන්නිවේදන අමාත්‍යවරයාට භාරදීමට සැලසුම් කර ඇති අතර වසර අවසානයට පෙර ජනතාවට නිකුත් කිරීමටයි අපේක්ෂා කරන්නේ.