
ඔස්ට්‍රේලියාවේ ආරම්භක වෛද්‍ය උපදේශන (GP) සේවා සඳහා නරකම නගර වලින් එකක් ලෙස බ්‍රිස්බේන් [Brisbane] නගරය නම් කර තිබෙනවා.
bulk billing කළ හැකි සෞඛ්‍ය සේවා ලබාගැනීමේ දුෂ්කරතාවයි ඊට හේතුවී ඇත්තේ.
බ්‍රිස්බේන් නගරයේ 72.8%ක් වන උප නගරවල ආරම්භක වෛද්‍ය සේවා සඳහා bulk billing ලබා නොදෙන බවයි Cleanbill හි සෞඛ්‍ය සේවා නාමාවලියේ නවතම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.

එබැවින් රෝගීන්ට වෛද්‍ය උපදේශන සඳහා සම්පූර්ණ මුදලක් ගෙවීමට සිදුවී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය උපදේශන සඳහා සාමාන්‍ය ගෙවීම් මුදල ඩොලර් [$] 43.33 ක් වුව ද බ්‍රිස්බේන් හි වැඩි මිල ගණන් අය කරනු ලබනවා.

වැඩිම ගෙවීම් ඇති උප නගර ලෙස වින්ඩ්සර් (Windsor) ඩොලර් [$] 60.48 ක් සහ ඇෂ්ග්රෝව් (Ashgrove) ඩොලර් [$] 58.65 ක් ලෙස දැක්වෙනවා.
ෆෝටිටියුඩ් වැලි (Fortitude Valley) ඩොලර් [$] 52.15 ක් සහ ක්ලේෆීල්ඩ් (Clayfield) ඩොලර් [$] 51.90 ක් ලෙසයි දක්වා ඇත්තේ.