
මෙල්බන්හි ජනප්‍රිය සාප්පු සංකීර්ණයක විකිණීමට තිබු බළලුන්ගේ සහ හාවුන්ගේ ලොම්වලින් සාදන ලද කබායක් සොයාගෙන තිබෙනවා.
කබාය 100%ක් බැටළු සමෙන් නිෂ්පාදිත ලෙස නීති විරෝධී අයුරින් ලේබල් කර තිබුණා.
Animal Justice Party සහ Collective Fashion Justice විලාසිතා අධිකාරිය එක්ව එය පරීක්ෂාවකට යොමු කළා.

කබාය සියයට සියයක් ඕස්ට්‍රේලියානු බැටළු හම් ලෙස ලේබල් කර තිබුණ ද Microtex තන්තු විශ්ලේෂණ ආයතනයේ පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ එය බළලුන් සහ හාවන්ගේ ලොම් වලින් නිෂ්පාදනය කර ඇති බවයි.
සියයට සියයක් ඇක්‍රිලික් [acrylic] ලෙස ලේබල් කර තිබු හිස් වැසුම් දෙකක් ද පරීක්ෂා කෙරුණු අතර ඒවා නරියන්ගේ සහ රකූන් බල්ලන්ගේ [raccoon dog] ලොම් වලින් නිෂ්පාදනය කර ඇති බව ද අනාවරණය කරගෙන තිබෙනවා.

Animal Justice Party නියෝජිත ජෝර්ජි පර්සල් [Georgie Purcell] පවසන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ සත්ව ලොම් නිෂ්පාදන විකිණීම සම්පූර්ණයෙන් තහනම් කළයුතු බවයි.