
Microplastics පිළිබඳ වෛද්‍යවරුන් බරපතල අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මව්කිරිවලින් පටන් ගනිමින් ප්‍රජනන පද්ධතිය දක්වා Microplastics මගින් බලපෑම් ඇති වන බවයි.
ආහාර පාන, ඇඳුම් පැළදුම් සහ වාතයේ පවා Microplastics අඩංගු වී තිබෙනවා.

ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ හිටපු සභාපති ස්ටීව් රොබ්සන් [Steve Robson] පවසන්නේ මව්කිරිවල සහ අලුත උපන් බිළිඳුන්ගේ මළපහවල පවා Microplastics හමුවී ඇති බවයි.
Microplasticsවලට නිරාවරණය වීමෙන් ඇති විය හැකි සෞඛ්‍ය බලපෑම් පිළිබඳව විශේෂඥයින් අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.

සිඩ්නි විශ්ව විද්‍යාලය මේ පිළිබඳ කළ අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ Microplastics මිනිස් සිරුර තුළ ඇති සියලුම පටක සහ සෛල තුළ ගොඩනැගෙන බවයි.
ගෝලීය ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා රටවල් 175 ක් එක් කර ගනිමින් ජාත්‍යන්තර ගිවිසුමක් දැනටමත් සකස් කෙරෙමින් පවතිනවා.
එහෙත් විශේෂඥයින් පවසන්නේ පාරිසරික ක්‍රියාමාර්ග, මානව සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා වන ප්‍රතිපත්ති සමඟ ගැලපිය යුතු බවයි.