Search

ඔස්ට්‍රේලියානුවන් සියදිවි නසාගැනීමට ප්‍රධානතම හේතුව සොයාගනී

හුදකලාව සහ තනිකම සියදිවි නසාගැනීමේ අවදානම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇති බව Suicide Prevention Australia ආයතනය වාර්තාවක් මගින් පෙන්වා දෙනවා.

වයස අවුරුදු 18 සිට 24 තෙක් ඔස්ට්‍රේලියානුවන්ට තමන්, සමාජයෙන් හුදකලා වී ඇති හැගීම වැඩි වශයෙන් දැනෙන බවයි ආයතනය සදහන් කර සිටියේ.

තවද ඔස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු තනිකම අත්විදින බවද ඔවුන් කියා සිටියා.

ආයතන ප්‍රධානී ක්‍රිස්ටොෆර් ස්ටෝන් පෙන්වා දෙන්නේ තරුණ ප්‍රජාව අතර ජීවින වියදම සහ පුද්ගලික ණය පිලිබඳ ඇති පීඩනය වැඩි වූ විට ඔවුන් ආතතියට පත් වී තනිව සිටීම තෝරාගන්න බවයි.

ඔස්ට්‍රේලියානුවන් 7 දෙනෙකුගෙන් එක් අයෙකු පසුගිය මාස 12 තුළ සියදිවි නසාගැනීමේ සිතුවිලි වලින් මිදීම සදහා විවිධ සේවාවන්ගෙන් උපකාර ඉල්ල ඇති බවද වාර්තාවේ සදහන් වනවා.

සියදිවි නසාගැනීමේ අවදානම අවම කිරීම සදහා ඉදිරියේදී Suicide Prevention Australia ආයතනය YouGov Australia සමඟ එකතු වන බව එහි ප්‍රධානීන් දන්වා සිටියා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »