
2026 QS ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමෙන් ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල විශාල පසුබෑමකට ලක් වී තිබෙනවා.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය පිළිබඳ ගෝලීය කීර්තියට පහරක් එල්ල වූ බවයි විපක්ෂ අධ්‍යාපන අමාත්‍ය ජොනතන් ඩූනියම් පවසා සිටියේ.
නවතම ශ්‍රේණිගත කිරීමේ දත්ත වලට අනුව ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල පසුබෑමට ලක්වී ඇතත් බොහෝ ආසියානු විශ්වවිද්‍යාල ඉහළට පැමිණීමද විශේෂත්වයක්.

Melbourne විශ්වවිද්‍යාලය ස්ථාන හයකින් පහළ වැටී 19 වන ස්ථානයට පත් වූ අතර සිඩ්නි විශ්ව විද්‍යාලය 20 වන ස්ථානයේ සිට 25 වන ස්ථානය දක්වා පසුබෑමකට ලක් වී තිබෙනවා.
සමස්තයක් වශයෙන් ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල 25 ක් ශ්‍රේණිගත කිරීමෙන් පහළ ගොස් ඇති බවයි දැක්වෙන්නේ.

මේ අතර විපක්ෂය කියා සිටියේ මෙය රජයට බලාපොරොත්තු සුන් කරවන පණිවිඩයක් බවයි.
රජය තවමත් විදේශීය සිසුන් ඇතුළත් කිරීම සීමා කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලබානොදීමෙන් මෙම පසුබෑම දිගින් දිගටම පැවතිය හැකි බවත් විපක්ෂ අමාත්‍යවරුන් කියා සිටියා.