Search

ජීවන වියදම් වැඩිවීමෙන් වික්ටෝරියාවේ අපරාධ සංඛ්‍යාව ඉහළට

ජීවන වියදම් වැඩිවීම වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ සංඛ්‍යාව වැඩි වීමට හේතු වන බව වික්ටෝරියා පොලිසිය පවසනවා

තරුණ ප්‍රචණ්ඩත්වයද වාර්තාගත මට්ටමකින් ඉහළ ගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කර සිටියේ.

වික්ටෝරියා අපරාධ සංඛ්‍යාලේඛන ඒජන්සිය විසින් වාර්තා වූ ඉහළම අපරාධ සංඛ්‍යාව ලෙස සදහන් කරන්නේ මෝටර් රථ සොරකම් කිරීමයි.

තවද පවුල් ප්‍රචණ්ඩත්වය සම්බන්ධ අපරාධ 10%කින් ඉහළ ගොස් වාර්තාගත මට්ටමකට ළඟා වී ඇති බව වාර්තා වල දැක්වෙනවා.

වික්ටෝරියා පොලිස් නිලධාරි ඩේවිඩ් ක්ලේටන් සදහන් කලේ ප්‍රාන්තයේ සමස්ථ අපරාධ සංඛ්‍යාව 18%කට වඩා වැඩි වී ඇති බවයි.

වයස අවුරුදු 10–17 ත් අතර තරුණයන් මුළු අපරාධකරුවන්ගෙන් 13%ක් පමණ වන අතර ප්‍රචණ්ඩත්වය සහ සොරකම් වැනි අපරාධ වැඩියෙන්ම සිදුකරන්නෙද ඔවුන් බවයි වාර්තා වන්නේ.

රථ වාහන සොරකම් 47.1%ක් සහ භාණ්ඩ සොරකම් 38.6%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ජීවන වියදම සමඟ පොරබදමින් සිටින පවුල් වෙළඳසැල් ඉලක්ක කරගනිමින් අපරාධ සිදුකරන බව අපරාධ සංඛ්‍යාලේඛන වාර්තාවේ සදහන් වනවා.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »