Search

බ්‍රිස්බන් Park එකකදී මාස 9 ක දරුවෙකුට Hot coffee ප්‍රහාරයක්

ළදරුවෙකුගේ මුහුණට hot coffee විසිකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ක්වින්ස්ලන්ඩ් පොලීසිය ජාත්‍යන්තර සහය ඉල්ලා තිබෙනවා.

පසුගිය වසරේ බ්‍රිස්බන් Stones Corner හි Hanlon Park හිදී සිය මව සමග විනෝද වෙමින් සිටින අතරතුරයි සැකකරු ළඟට පැමිණ hot coffee දරුවා දෙසට විසිකර ඇත්තේ.

ප්‍රහාරයෙන් මාස 9 ක් වයසැති දරුවාගේ මුහුණ, අත් සහ පාදවල පිළිස්සුම් තුවාල සිදුවූ අතර සැත්කම් 4 ක් සිදුකිරීමට සිදුවූ බවයි මව පැවසුවේ.

මාස 10 කුත් ඉක්මවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්වින්ස්ලන්ඩ් පොලීසියට තවමත් හැකිවී නැහැ.

ක්වීන්ස්ලන්ඩ් පොලිස් සේවයේ වැඩබලන කොමසාරිස් Shane Chelepy පැවසුවේ මෙය ඉතා බරපතල වරදක් වන අතර මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර හවුල්කරුවන් සමග කටයුතු කරමින් සිටින බවයි.

මේ වනවිට සැකකරු චීනයට පළාගොස් ඇති අතර ඔහුගේ ඡායාරූප චීන මාධ්‍ය ඔස්සේ පළකර තිබෙනවා.

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »