Search

පොරොන්දු නොතකා සංක්‍රමනිකයින් ගෙන්වා ගත් බවට රජයට චෝදනා

ඇන්තනි ඇල්බනීස් රජය පොරොන්දු නොතකා සංක්‍රමනිකයින් ගෙන්වා ගත් බවට චෝදනා එල්ල වී තිබෙනවා.

නව දත්ත වලින් අනාවරණය වන්නේ පසුගිය වසර කිහිපයට වඩා මෙම වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමනිකයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

මෙම වසරේදී බලාපොරොත්තු වූ සංක්‍රමණිකයන් සංඛ්‍යාව 335,000 වන අතර දැනටමත් එම ප්‍රමාණයන් ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

සංක්‍රමණික‍යින් වැඩි ප්‍රතිශතයක් සිඩ්නි සහ මෙල්බන් නගරවලටම යාමත් සමඟ එම නගරවල නිවාස, ජලය, ප්‍රවාහන පද්ධති වැනි පහසුකම් මත දැඩි පීඩනයක්ද එල්ලවී තිබෙනවා.

මෙම සංක්‍රමණික‍යින්ගේ ඉහළ යාම 2029 දක්වා වසර 5කින් නිවාස මිලියන 1.2ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට දැඩි අභියෝගයක් බවයි භාණ්ඩාගරික ජිම් චාමර්ස් කියා සිටියේ.

තවද 2024 වසරේදී ඔස්ට්‍රේලියානු ජනගහණය 1.7%කින් ඉහළ ගොස් තිබෙනවා.

එමනිසා ඉහළ යන ජනගහනයට පහසුකම් සැපයිම සදහා රජය බදු අය කිරීමද පුළුල් කිරීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »