
ජල ගැලීමක් හේතුවෙන් Sydney හි Downing Centre අධිකරණ සංකීර්ණය වසා දමා තිබෙනවා.
New South Wales ප්‍රාන්තයේ කාර්යබහුලම අධිකරණය වන මෙය සති 4 ක කාලයක් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
සිඩ්නිහි කාසල්රී වීදියේ [Castlereagh Street] ප්‍රධාන ජල නලයක් පුපුරා යාම හේතුවෙන් අධිකරණ භූමියට බරපතල හානි සිදුවී තිබෙනවා.

ගොඩනැගිල්ලේ යටිතල පහසුකම්, විදුලිය, තොරතුරු තාක්ෂණ පද්ධති සහ අනෙකුත් උපකරණවලට දැඩි හානියක් සිදුවී ඇති බවයි අධිකරණ මාධ්‍ය කණ්ඩායම පවසන්නේ.
මේ හේතුවෙන් විභාගවෙමින් තිබු නඩු කිහිපයක් නවතා දැමීමට සිදුවන බව NSW දිස්ත්‍රික් අධිකරණ ප්‍රධාන විනිසුරුවරයා දන්වා තිබෙනවා.

මේ අතර මෙට්‍රොපොලිටන් metropolitan ප්‍රදේශය තුළ වෙනත් ස්ථානයක අධිකරණ කාමර ලබා ගැනීමට කටයුතු සම්පාදනය කරමින් පවතින බවයි New South Wales නීතිඥ සංගමය පවසන්නේ.