
ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි අල්බනීස් හට බරපතල තර්ජනයක් කළ පුද්ගලයෙකුට දේශපාලනඥයින් අසලට යෑම තහනම් කර තිබෙනවා.
පොදුරාජ්‍ය මණ්ඩලීය වැරදි දෙකක් සම්බන්ධයෙන් ඔහු අද මෙල්බන්හි Dandenong මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී ඔහු ඇප මත නිදහස් කර ඇති අතර ඇන්තනි ඇල්බනීස් ඇතුළු ප්‍රාන්ත හෝ ෆෙඩරල් දේශපාලනඥයෙකුගේ සිට 100m ක් ඈතින් සිටින ලෙස නියෝග කර තිබෙනවා.

අධිකරණ ලේඛනවලින් හෙළි වී ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලීය නිලධාරියෙකු වන ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්ට බරපතල හානියක් සිදු කරන බවට ඔහු තර්ජනය කර ඇති බවයි.
දෙවන චෝදනාව වන්නේ X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අගමැතිවරයාට එරෙහිව සාමාන්‍ය පුද්ගලයෙකුට තර්ජනය කරන පරිදි පණිවුඩයක් පළ කිරීමයි.

මෙම චෝදනා ඔප්පු වුවහොත් වසර 7 ක සිර දඬුවමක් ඔහුට නියම කෙරෙනු ඇති.
මේ අතර ලබන මස 10 වනදා එම පුද්ගලයා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.