
පොලිසියෙන් පලා යාම සඳහා මෙල්බන්හි සාප්පු සංකීර්ණයක් හරහා රිය පැදවු පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
සොරකම් කරන ලද මෝටර් රථයක් ඊයේ Northland shopping centre හරහා ධාවනය කළ රියදුරා අද අත්අඩංගුවට ගැණුනා.
රිය පැදවීමෙන් පොලිස් නිලධාරියෙකු අවදානමට ලක් කිරීම, මෝටර් රථයක් සොරකම් කිරීම, අපරාධ හානි සහ නුසුදුසු ලෙස රිය පැදවීම ඇතුලු චෝදනා කිහිපයක් මෙම පුද්ගලයාට එල්ල වී තිබෙනවා.

ඔහු අද මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙය මාසයක් තුළ Northland shopping centre හි ආරක්ෂාව පිළිබද සිදුවු දෙවන සිද්ධියයි.

මීට පෙර එහි ආයුධ භාවිතයෙන් සිදු වූ ගැටුමක් හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ආයුධ විකිණීම තාවකාලිකව තහනම් කරනු ලැබුවා.