
ඔස්ට්‍රේලියාවේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රාන්තය ලෙස බටහිර ඔස්ට්‍රේලියාව නම් කර තිබෙනවා.
එහි ජනගහනය පළමු වරට මිලියන 3 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්තවල ජනගහනය ඉහළ ගොස් ඇති අතර වැඩිම වර්ධන වේගය දැක්වෙන්නේ බටහිර ඔස්ට්‍රේලියාවේයි.

එහි ජනගහන වර්ධන වේගය 2.4% ක් වන අතර නව ජනගහනය 3,008,697 ක් වනවා.
ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනයට වැඩිම දායකත්වයක් සපයා ඇත්තේ විදේශිකයන්ගේ පදිංචි වීම (overseas migration) බවයි සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) පවසන්නේ.

2024 වසර අවසන් වන විට ඔස්ට්‍රේලියාවේ මුලු ජනගහනය මිලියන 27.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එය පෙර වසරට වඩා 445,900 ක වැඩිවීමක් බවයි කාර්යාංශය පෙන්වා දෙන්නේ.