Search

ඔස්ට්‍රේලියාවේ හොර වෛද්‍යවරයෙකු නිසා රෝගියෙකුට වුනදේ

 

 

මුහුණේ සිදුකළ ශල්‍යකර්මයක් අසාර්ථක වී පුද්ගලයෙකු රෝහල්ගත කිරීමේ සිද්ධියකට සම්බන්ධ Queensland වෛද්‍යවරයෙකුගේ ලියාපදිංචිය අහෝසි කර තිබෙනවා.

රූපලාවන්‍ය සැත්කම් සායනයකදී වෛද්‍යවරයා රෝගියෙකුගේ මුහුණේ කුරුළෑ සඳහා ශල්‍යකර්මයක් කර තිබෙනවා.

එහිදී රෝගියාගේ මුහුණේ ධමනියකට හානි වී අධික ලෙස ලේ ගැලීම හේතුවෙන් ඔහු රෝහල්ගත කරනු ලැබුවා.

සිවිල් විනිසුරු මණ්ඩලයක දී (QCAT)  හෙළි වී ඇත්තේ වෛද්‍යවරයාට එවැනි ශල්‍යකර්මයක් සිදු කිරීමට පුහුණුවක් හෝ අත්දැකීමක් නොතිබූ බවයි.

ඔහු 2016 වසරේ සිට බ්‍රිස්බේන් හි [Brisbane] ග්‍රේන්ජ් [Grange] නගරයේ රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

2004 වසරේ සිට Queensland හි වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වී ඇති ඔහු වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත්තේ ඉරානයේදීයි.

සිවිල් විනිසුරු මඩුල්ල (QCAT)  හෙළි කර ඇත්තේ ඔහු වසර 7කට පෙර වෙනත් වෛද්‍යවරයෙකුට මුහුණේ සිදුකළ ශල්‍ය කර්ම දෙකකදී සහාය ලබා දී ඇති අතර ඊට අමතරව වෙනත් අත්දැකීමක් ඔහුට නොමැති බවයි.

 

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »