
තායිලන්තයේ සිදුවූ වැටලීමකින් ඕස්ට්‍රේලියානු ජාතිකයින් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වංචාකරුවන් ජාත්‍යන්තර මූල්‍ය සමාගම්වල නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් මුදල් වංචාකර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්ටර්පෝල් සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය යටතේ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් මෙම මෙහෙයුම් සිදුකර තිබෙනවා.

වංචාකරුවන් මාස 2 ක් තුළ ඩොලර් මිලියන 1.9 කට වඩා වැඩි මුදලක් ඕස්ට්‍රේලියානුවන්ගෙන් සොරකම් කර ඇති බවයි බලධාරීන් සැකපළ කරන්නේ.
AFP පැවසුවේ මෙම කණ්ඩායම වින්දිත අරමුදල් වෙනත් ගිණුම් වෙත මාරු කිරීමට පෙර cryptocurrency බවට පත්කර ඇති බවයි.

මේ අතර මෙය AFP මුහුණ දුන් වඩාත්ම සංකීර්ණ ආයෝජන වංචා මෙහෙයුම් වලින් එකක් බවයි එහි සහකාර කොමසාරිස් රිචඩ් චින් කියාසිටියේ.