Search

Qantas යානයක් ගුවන් පාලමක ගැටේ

Brisbane ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී Qantas ගුවන් යානයක් ගුවන් පාලමක ගැටී තිබෙනවා.

බෝයිං 737-800 ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බව සදහන්.

නවසීලන්තයේ Queenstown සිට පැමිණ Brisbane ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබසිමින් සිටියදී යානය අනතුරට ලක්ව තිබුනා.

සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.

මෙම අවස්තාවේදී QF186 ගුවන් යානයේ මගීන් පඩිපෙළ හරහා ගුවන් යානයෙන් පිටතට ගමන් කල බව Qantas සමාගම නිවේදනය කලා.

යානයේ ඉදිරිපස ගුවන් පාලමේ ගැටුනේ කෙසේදැයි විමර්ශනය කරමින් සිටින බව ගුවන් සේවය සදහන් කර තිබෙනවා.

ගුවන් යානය ඉංජිනේරුවන් විසින් පරීක්ෂා කර නැවත ගුවන් ගමන් සදහා පැමිණීමට පෙර අලුත්වැඩියා කරන බවද සමාගම කියා සිටියා.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »

ඇන්තනී අල්බනීස්ට ‘Pretty stupid ‘ ලෙස තර්ජනයක්

අගමැති ඇන්තනී අල්බනීස්ට තර්ජන සම්බන්ධයෙන් මෙල්බන් හී පදිංචිකරුවෙකුව අත් අඩංගුවට ගෙන තිබෙනවා. 42 හැවිරිදි ඩේල් බර්න් නම් මෙම පුද්ගලයා සමාජ මාධ්‍ය හරහා Pretty stupid ලෙස

Read More »