
මම ඒක කිරීමටද නොකිරීමටද පුලුවන් , මට කරන්න ඕන දේ කවුරුත් දන්නේ නැහැ
අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයෙන් පිටත පැවති උත්සවයකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස සදහන් කර තිබෙනවා.
ඔහු මේ බව සදහන් කර තිබුනේ ඉරාණයට පහර දීමට මැදිහත් වන්නේද යන්න සම්බන්ධයෙන් කල විමසීමකට පිළිතුරු දෙමින්.

ඉරානය සිටින්නේ කරදර ගොඩක් මැද සහ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවෙන් බව ඔහු මෙහිදී සදහන් කර තිබුනා.
නමුත් ඔහු ඉරානය තුළ එක්සත් ජනපද මැදිහත්වීම පිළිබඳ යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කර තිබුනා.

ඉරාන සාකච්ඡාකරුවන් ධවල මන්දිරයට පැමිණ සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටිය හැකි බවට ඉඟි ලබාදී තිබූ බව ද ට්‍රම්ප් මෙහිදී පැවසුවා.
ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ, ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති විනාශ වී යාමත් සමග ගැටුම කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි තමාට විශ්වාස නොමැති බවයි.
කොන්දේසි විරහිතව යටත් වෙන්නනැයි සදහන් කරමින් ඔහු කියා සිටියේ තමාගේ ඉවසීම නැතිව ගොස් තිබෙන බවයි.