
2025 වසරේදී ලොව ජීවත්වීමට සුදුසුම නගර ශ්‍රේණිගත කිරීමේ ඉහළම ස්ථාන 10 න් තුනක් ඕස්ට්‍රේලියාවට හිමිව තිබෙනවා.
Economist Intelligent Unit’s annual Global Liveability Index අනූව නගර අතර සිව්වන ස්ථානයට පත්ව ඇත්තේ මෙල්බන් නගරයයි .
සිඩ්නි හයවන ස්ථානයට පත් වූ අතර ඇඩිලේඩ් නවවන ස්ථානයට පත්ව තිබෙන බවයි වාර්තා වල දැක්වෙන්නේ.

ස්ථාවරත්වය, සෞඛ්‍ය සේවා, සංස්කෘතිය සහ පරිසරය, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් යන කාණ්ඩ හරහා ලොව පුරා නගර 173 ක් මෙම සමීක්ශණයට අන්තර්ගත කෙරෙනවා
ඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන් ජීවත් වීමට හොඳම නගරය ලෙස නම් කර තිබෙනවා.

මීට පෙර එනම් 2018 වසර වනතෙක් ලෝකයේ ජීවත්වීමට සුදුසුම නගරය බවට පත්ව තිබුනේ මෙල්බර්න් නගරය වන අතර එය 2018 වසරේ සිට වෙනස් වී තිබුනා.