
ඔස්ට්‍රේලියාවේ පාසල් ගාස්තු සඳහා බදු වට්ටමක් ලබා ගත හැකි බව හෙළි වී තිබෙනවා.
පාසල් ගාස්තු තුළ වියදම් කළ විශේෂයකට $ 1,000 ක් දක්වා බදු වට්ටමක් ලබාගත හැකි බව බොහෝදෙනා නොදන්නා බවයි ගිණුම්කරණ විශේෂඥවරියක වන අනිටා නියාස් [Anita Niaz] පවසන්නේ.
සාමාන්‍යයෙන් ශිෂ්‍යයෙකුගේ පාසල් ගාස්තු හෝ දින සිමිත පිරිවැය සඳහා බදු වට්ටමක් ලබාගත නොහැකි වනවා.

එහෙත් පාසල් ගොඩනැගිලි අරමුදල (School Building Fund) සඳහා ස්වෙච්ඡා දායකත්වයක් ලබාදී ඇත්නම් ඒ සඳහා බදු වට්ටමක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
පාසල් ගාස්තු පත්‍රයෙහි “building levy” හෝ “school building fund donation” ලෙස සඳහන් වන ගෙවීම් බොහෝවිට $ 200 සිට $ 1,000 අතරයි පවතින්නේ.

වට්ටම් ලබා ගැනීමට සුදුසුකම් ලබන්නේ නම් එය 2025 බදු ප්‍රතිලාභයේ ඇතුළත් කිරීමට අමතක නොකරන ලෙස ද විශේෂඥවරිය ඉල්ලා සිටිනවා.