
ඔස්ට්‍රේලියාවේ LGBTQI+ ප්‍රජාවගේ Plasma පරිත්‍යාග කිරීමේ නීතිවල වෙනසක් සිදුකර තිබෙනවා.
ඒ අනුව ලිංගිකව ක්‍රියා කරන සමලිංගික සහ ද්විලිංගික පිරිමින්ට ප්ලාස්මා පරිත්‍යාග කිරීමට හැකි වනු ඇති.
ඕස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානයේ ලයිෆ්බ්ලඩ් විසිනුයි මෙම නීති සංශෝධනය කර ඇත්තේ.

පෙර පැවති නීතිරීති යටතේ, පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන ඕනෑම සමලිංගික හෝ ද්විලිංගික පිරිමියෙකුට සහ සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට මාස තුනක් තුළ ලිංගිකව හැසිරී ඇත්නම් රුධිරය හෝ ප්ලාස්මා පරිත්‍යාග කළ හැකි වන්නේ නැහැ.,
කෙසේවෙතත් ලබන මස 14 වනදා සිට පුද්ගලයින් ලක්ෂ 6කට පමණ මෙම නව නීතිය යටතේ හිමිකම් හිමිවනු ඇති.

PrEP (HIV වැළැක්වීමේ ආරක්ෂිත බෙහෙත) භාවිතා කරන පුද්ගලයින්ට ද මේ යටතේ රුධිරය පරිත්‍යාග කළ හැකි වනවා.
Sex workers සහ පෙර තහනම් කර තිබු වෙනත් කණ්ඩායම් සඳහා ද තහනම ඉවත් කර තිබෙනවා.
එහෙත් HIV-positive පුද්ගලයින් සහ ඔවුන්ගේ sexual partnerලා සඳහා තහනම තවදුරටත් පවතින බවයි රතු කුරුස සංවිධානය පවසන්නේ.
ඕස්ට්‍රේලියාවේ පරිත්‍යාග කරන ලද රුධිර සම්බන්ධයෙන් රුධිර වර්ගය, ප්‍රතිදේහ, HIV, හෙපටයිටිස් B සහ C[ hepatitis B and C], සිෆිලිස් [syphilis] සහ බැක්ටීරියා දූෂණය සඳහා වන පරීක්ෂණ ඇතුළු සෑම අදියරකදීම දැඩි ලෙස පරීක්ෂා කරනු ලබනවා.
ආරක්ෂිත රුධිරය පමණක් රෝගීන්ට ලබාදෙන බව සහතික කිරීම සඳහා TGA බලපත්‍රලාභී රසායනාගාරවල පමණක් පරීක්ෂණ සිදු කරන බවට ඔස්ට්‍රේලියා රතු කුරුස සංවිධානය අවධාරණය කරනවා.