Search

නවසීලන්තයට යන්න ඉන්න අයට සතුටුදායක පුවතක්

නවසීලන්ත වීසා අයදුම් කිරීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ට එරට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

නවසීලන්තයට වීසා අයදුම්කිරීමට අපේක්ෂා කරන සුදුසුකම් ඇති රටවල් 9 කට Working Visa ලබාගැනීමට  New Zealand Immigration විසින් සරල මාර්ගයක් හඳුන්වාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලබන 23 වන දින සිට Assessment යාවත්කාලීන කිරීමක් ලෙස Qualification exempt ලැයිස්තුව නිකුත් කර තිබෙනවා.

අයදුම්කරුවෙකුගේ සුදුසුකම් Education Provider සතුව නිශ්චිතව දක්වා ඇත්නම්  Skill Migrant කාණ්ඩයට හෝ ඇතැම් Special Work Visa සඳහා අයදුම් කිරීමට ඔවුන්ට International Qualification Assessment අවශ්‍ය නොවනු ඇති.

එය Skill Migrant කාණ්ඩය සඳහා ඔවුන්ගේ Qualification Level එකේ ලබාගත හැකි Points ද නිශ්චය කරයි.

මේ සඳහා සුදුසුකම් ලබා ඇති රටවල් නම් ශ්‍රී ලංකාව, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ඉතාලිය, සිංගප්පූරුව, දකුණු කොරියාව, ස්වීඩනය සහ ස්විස්ටර් ලන්තයයි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »