Search

පැය 6 ක් පුරා දැරියක් දූෂණය කළ යෞවනයින් සිව්දෙනා අධිකරණයට

නව යොවුන් වියේ ගැහැණු දරුවෙකු පැය හයක් පුරා ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ  තරුණයින් 4 දෙනා සිඩ්නි අධිකරණයකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය දෙසැම්බර් 15 වනදා, ලිවර්පූල් හි සාප්පු සංකීර්ණයකදී 16 හැවිරිදි පිරිමියෙකු 17 හැවිරිදි ගැහැණු ළමයාගේ මෝටර් රථය තුලදී බලහත්කාරයෙන් ලිංගික අතවර සිදුකර තිබුණා.

NSW රහස් පරීක්ෂක අධිකාරී ජේන් ඩොහර්ටි චෝදනා කළේ දැරිය දූෂණය කළ වීඩියෝව පසුව එම ‍යෞවනයා විසින් අනෙක් තරුණයින් අතර හුවමාරුකර ගෙන ඇති බවයි.

පසුව පිරිමි ළමයා ගැහැණු ළමයාගෙන් ඔහුව සැඩ්ලෙයාර් හි වීට් පාර්ක් වෙත ගෙන යන ලෙස ඉල්ලා සිටි අතර, ඔහුගෙන් ගැලවීම වෙනුවෙන් ඇය ඊට එකඟ වී ඇති බව පොලිසිය පැවසුවා.

කෙසේ වෙතත්, උද්‍යානයේදී, තවත් පිරිමින් දෙදෙනෙකු මෝටර් රථයට නැඟී ගැහැණු ළමයාට ලිංගික අතවර කළ බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.

සිව්වන පිරිමි ළමයාද තවත් වාහනයකින් පැමිණ මෝටර් රථයට නැග දැරිය දූෂණයට ලක්කර ඇති බව සඳහන්.

රහස් පරීක්ෂක අධිකාරීවරයා චෝදනා කළේ ඇයට එකවර පිරිමින් කිහිප දෙනෙකු විසින් පහර දී දූෂණයට ලක්කර ඇති බවයි.

රහස් පරීක්ෂක අධිකාරී ජේන් ඩොහර්ටි පවසන්නේ මෙම සිද්ධියෙන් දැරිය ඉතා කලබල වී ඇති අතර මෙය ඇගේ ජීවිත කාලය පුරාම ඇයට බලපානු ඇති බවයි.

කාන්තාවන් කෙරෙහි මේ ආකාරයෙන් ක්‍රියා කිරීමට එවැනි පිරිමින්ට කිසිදු අයිතියක් නොමැති අතර මෙවැනි ක්‍රියා කිසිදා අනුමත කරන සංස්කෘතියක් හෝ ජනවාර්ගිකත්වයක් නොමැති බවයි ඩොහර්ටි වැඩිදුරටත් කියාසිටියේ.

අත්අඩංගුවට පත් තරුණයින් සිව් දෙනාට ඇප ප්‍රතික්ෂේප වී ඇති අතර ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »