
සිය පවුල රවටා ඩොලර් මිලියන ගණනක මුදලක් වංචාකළ පුද්ගලයෙකු වික්ටෝරියාවෙන් වාර්තා වනවා.
Ballarat හි Alfredton, පදිංචිකරුවෙකු වන මොහු සිය සහකාරියටවත් නොකියා නිවස විකුණා ඇති බවයි පැවසෙන්නේ.
පසුව එම ඩොලර් මිලියන 2 ක මුදල ආයෝජනයක් කළ පවසමින් බිරිඳව මුලාකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

එම ව්‍යාජ ආයෝජන සම්බන්ධයෙන් විමසූවිට ඔහු තමාට පිළිකාවක් ඇති බවත් වංචාවකට ගොදුරුවූ බවත් බිරිඳට පවසා ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ඔහුගේ ප්‍රකාශ සනාථ කිරීම සඳහා ව්‍යාජ ඊ-මේල් නිර්මාණය කර නීතීඥයින් දෙදෙනෙකු ලෙස පෙනී සිටිමින් සිය ඥාතීන් රවටා ඇති බව පොලීසිය කියාසිටියා

පිළිකාවක් බව පැවසූ හෙයින් ඔහුගේ ඥාතීන් තවත් ඩොලර් මිලියන 1.2ක් ලබා දී තිබෙනවා.
රහස් පරීක්ෂකයින් චෝදනා කරන්නේ එම පුද්ගලයාම Horsham හි මෝටර් රථ අලෙවි නියෝජිත ආයතනයකින් ඩොලර් 69,830 ක් වටිනා නව මෝටර් රථයක් ලබා ගැනීම සඳහා වංචනික ලියවිලි සකස්කර ඇති බවයි.
2024 ජූලි 8 වන දින Ararat හිදී 30 හැවිරිදි මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිගු විමර්ශනයකින් පසු, ඔහුට වංචාවෙන් දේපළ ලබා ගැනීමේ චෝදනා 20 ක් මෙන්ම ව්‍යාජ ලේඛන සෑදීමේ චෝදනා 13 ක් ඇතුළුව වැරදි 28 ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා.
සැකකරු මේ මස 25 වන දින Horsham මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.