Search

පුද්ගලයින් 121 රැගත් Qantas flight එකක් අනූ නවයෙන් බේරෙයි

ගුවන් යානයක පාලක ආසනයේදී නියමුවෙකු සිහිසුන් වී ඇති බව Qantas සමාගම තහවුරු කර තිබෙනවා.
කැන්බරා සිට පැමිණි ගුවන් යානය Sydney ගුවන් තොටුපළට ළඟා වූ විට, වෙන් කරන ලද මගී පර්‍යන්තයේ යානය නැවැත්වීමට රැගෙන යන අතරතුර නියමුවා සිහිසුන්වී තිබෙනවා.
ඒ් වනවිට යානයේ මගීන් 113 දෙනෙකු සහ 8 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් රැදී සිටි බවයි වාර්තා වන්නේ.
නියමුවාගේ අසනීප තත්ත්වය වාර්තා කළ පසු යානයේ සිටි අත්දැකීම් සහිත අනෙකුත් නියමුවන් වහා පාලනය භාර ගෙන තිබෙනවා.
Qantas පුහුණු ක්‍රමවේදයන්ට අනුකූලව අධීක්ෂණ පරීක්ෂක කපිතාන්වරයා (supervising check captain) යානය ආරක්ෂිත ගේට්ටුව දෙසට යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.
පසුව අසනීප වු නියමුවාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගැණුනා.
Qantas ගුවන් සමාගම පවසන්නේ මෙම අවස්ථාවේ තම නියමුවන් සම්මත ක්‍රියාමාර්ග අනුගමනය කළ බවයි.
මගීන් සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුබසාධනය සදහා දැඩි අවධානයක් යොමු කරන බව ද ‍සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »