Search

මෙල්බන් මාරක රිය අනතුරේ චූදිතයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදහස

මානසික ආබාධයක් හේතුවෙන් මාරක අනතුරක් සිදුකළ පුද්ගලයෙකු මිනීමැරුම් චෝදනාවට වරදකරු නොවන බව වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය පවසනවා.
2023 සැප්තැම්බර් මාසයේදී මෙල්බන් නගර මධ්‍යයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මරණයට පත්වී තවත් 3 දෙනෙකු තුවාල ලැබුවා.
අනතුර සිදුකළ 29 හැවිරිදි රියදුරුට මිනීමැරීමේ චෝදනාවක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා තුනක් එල්ල වී තිබෙනවා.
හිතාමතා බරපතල තුවාල සිදු කිරීමේ චෝදනා තුනක් සහ ජීවිතයට අනතුරක් වන හැසිරීම් දෙකක් සම්බන්ධයෙන් ද ඔහු චෝදනා ලබා සිටිනවා.
අද වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති නඩු විභාගයේදී ඔහුගේ නීතීඥ කණ්ඩායම පවසා ඇත්තේ මානසික ආබාධයක් හේතුවෙන් සිදුකළ මෙම චෝදනා සම්බන්ධයෙන් ඔහු වැරදිකරු නොවන බවයි.
ලබන මස 8 වැනිදා නැවත නඩුව විභාග කිරීමට නියමිතයි.

ඇල්බනීස්ට තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු රහසින් හමුවෙයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »