
ඔස්ට්‍රේලියාවේ විශාලතම ඔට්ටු ඇල්ලීමේ(betting) සමාගමක් වන Tabcorp (ටැබ්කෝප්) සමාගම සදහා ඩොලර් මිලියන 4 ක දඩයක් නියම කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය විසින් මෙම දඩ මුදල පනවා ඇති බවයි වාර්තා වන්නේ.
ඔස්ට්‍රේලියාවේ පවතින නීති අනුව, ව්‍යාපාර හෝ සමාගම්වලට පාරිභෝගිකයෙකුට වෙළඳ පණිවිඩයක් යැවීමට පෙර ඔවුන්ගේ අවසරය ලබාගත යුතු වනවා.

එහෙත් Tabcorp(ටැබ්කෝප්) සමාගම රටේ නීති උල්ලංඝනය කරමින් VIP පාරිභෝගිකයින් දහස් ගණනකට කෙටි පණිවිඩ යැවීම මෙම දඩ මුදල පැනවීමට හේතුවයි.
WhatsApp සහ SMS පණිවිඩ 2,598ක් සමාගම විසින් පාරිභෝගිකයින්ට යවා ඇති අතර unsubscribe වීමේ විකල්පයද ඉවත් කර ඇති බවටයි මාධ්‍ය අධිකාරිය චෝදනා කරන්නේ.

තදව කෙටි පණිවිඩ යැවීමේදී සමාගමේ තොරතුරු ඇතුලත් නොකිරීමද නිති විරෝදී බවයි අධිකාරිය කියා සිටියේ.
මේ හේතුවෙන් පාරිභෝගිකයන්ට විශාල මූල්‍ය අලාභද සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.