
නියඟයෙන් පීඩාවට පත් අසල්වැසියාට උදව් කිරීමට යාමේදී වික්ටෝරියානු ගොවියෙකුට ඩොලර් 398 ක දඩයක් පනවනු ලැබුවා.
ග්‍රැහැම් තොම්සන් නම් මෙම ගොවියා තම ට්‍රැක්ටර් යන්ත්‍රය මගින් අසල්වැසියෙකුට පිදුරු මිටි කිහිපයක් රැගෙන ගොස් තිබෙනවා.
ඔහු මාර්ගයේ මීටර් 600ක් පමණ ගමන් කර ඇති අතර National Heavy Vehicle නිලධාරියෙක් විසින් ඔහුව නවතා දඩ මුදලක් නියම කර සිටියා.

නිලධාරියා කියා සිටියේ මේ ආකාරයෙන් පිදුරු මිටි රැගෙන යාම නීති විරෝධී බවත් ඒවා ආරක්ෂිතව බැඳ නොමැති නිසාවෙන් නීති කඩ වී ඇති බවයි.
තම වසර 50 ක ගොවිතැන් කටයුතු වලදී මෙවැනි නීතියක් කිසිදා අසා නොමැති බවයි ග්‍රැහැම් තොම්සන් කියා සිටියේ.

මෙම සිදුවීම සදහා වික්ටෝරියා ගොවීන් දැඩි විරෝධය එල්ල කල අතර ග්‍රැහැම් තොම්සන් වෙනුවෙන් GoFundMe පිටුවක්ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.