
Centrelink විසින් Family Tax Benefit (FTB) ලබන්නන්ට වැදගත් පණිවිඩයක් නිකුත්කර තිබෙනවා.
මේ මස ජුනි 30 වන දිනට පෙර tax return මගින් ආදායම සනාථ කළ යුතු බවයි Centrelink නිවේදනය කරන්නේ.
මෙය 2023-24 මූල්‍ය වර්ෂය සඳහා Family Tax Benefit ලැබුණු පුද්ගලයින්ට පමණක් අදාල වනු ඇති.

ඒ හේතුවෙන් ජූනි 30 වන දිනට පෙර Services Australia වෙත tax return මගින් ආදායම සනාථ කළ යුතු වනවා.
ඊට ඔබේ ආදායම මෙන්ම ඔබේ සහකරුගේ ආදායමද ඇතුළත් කළ යුතු අතර ඔවුන් Centrelink හි නොමැති වුවද එය ඉදිරිපත් කළ යුතු බවයි වාර්තා වන්නේ.

Australian Taxation කාර්යාලයට හෝ රාජ්‍ය ආයතනයකට tax return ඉදිරිපත් කිරීමෙන් ආදායම සනාථ කළ හැකි බවයි පැවසෙන්නේ.
එමෙන්ම myGov ගිණුම හරහා පහසුවෙන්ම Services Australia වෙත ආදායම ඔප්පු කළ හැකි වනවා.
එහෙත් කිසියම් හේතුවක් නිසා ආදායම තහවුරු කළ නොහැකි නම්, Services Australia හි Families line අමතන ලෙසයි Centrelink පවසන්නේ.