
නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ සුනඛයන් තුළ මීයන් මගින් බෝවන රෝගයක් වර්ධනය වන බවට විශේෂඥයින් අනතුරු අඟවනවා.
Rat lungworm හෙවත් angiostrongylus cantonensis ලෙස හැඳින්වෙන මෙය මීයන් තුළ ස්වභාවිකව දක්නට ඇති රෝගයක් වන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
මෙම රෝග තත්වය ගොළුබෙල්ලන් සහ හම්බෙල්ලන් මගින් පැතිරෙන පරපෝෂිත පණුවෙකු නිසා ඇති වන්නක්.

එය මිනිසුන්ට සහ බල්ලන්ට බෝවිය හැකි බවයි විශේෂඥයින් අනතුරු අඟවන්නේ.
මෙම රෝගයෙන් ඕස්ට්‍රේලියාවේ මරණ දෙකක් සිදුවී ඇති අතර ඉන් එකක් 2010 දී ආසාදිත හම්බෙල්ලන් ආහාරයට ගැනීමෙන් සිදුවූවක් බවයි වාර්තා වන්නේ.

සිඩ්නි විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පර්යේෂකයින් වසර පහක් තුළ සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ මෙම රෝගය සිඩ්නි සහ බ්‍රිස්බන් නගරවල සුනඛයන් තුළ වැඩිවීමක් දක්නට ඇතිබවයි.
මිනිසුන් හෝ බල්ලන් තුළ, පණුවන් ඉක්මනින් මොළයට ගොස් රෝග ඇති කරන අතර රෝගයෙන් ආසාදනය වූ බොහෝ පුද්ගලයින් දින, සති සහ මාස ගණනක් ප්‍රතිකාර නොමැතිව සම්පූර්ණයෙන්ම සුවය ලබන බවද පර්යේෂක ජෑන් ස්ලපෙටා පැවසුවා.
මේ අතර 2022 දී පර්යේෂකයන් විසින් රෝගීන් 32 ක් හඳුනාගෙන තිබුණා.
සිඩ්නි විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යා පර්යේෂකයෙකු වන ෆෝබි රිවෝරි කියාසිටියේ මෙම Rat lungworm රෝගය ඇතැම්විට අපගේම ප්‍රතිශක්තිකරණය මගින් මොළය තුලදීම සුව වන බවයි.
මෙහි සංකූලතා ලෙස දරුණු හිසරදය සහ දරුණු සංවේදනයන් ඇති කරයි.
NSW සෞඛ්‍යය අංශ පවසන්නේ Rat lungworm රෝගය අතිශය දුර්ලභ ආසාදනයක් ලෙස සැලකෙන බවයි.
එමෙන්ම අමු ගොළුබෙල්ලන් හෝ හම්බෙල්ලන් පරිභෝජනය නොකරන ලෙසත්, කෑමට පෙර සියලුම නැවුම් නිෂ්පාදන සෝදන ලෙසත්, ගෙවතු වගාවේ සිටින ගොළුබෙල්ලන්, හම්බෙල්ලන් ඇල්ලීමෙන් පසු අත් සෝදන ලෙසත් ජනතාවට උපදෙස් දී තිබෙනවා.